.súiqï wxlh: ALO—//
ගාඩ්විල් පණු පොහොර නිෂ්පාදනය කරන කොන්ක්‍රීට් ටැංකි අලෙවි කිරීමේ ගිවිසුමයි.
සියලු දෙනාම මෙයින් දැනගත යුතුය.
මෙහි පහත ඇතැම් තැනක විකුණුම්කාර පළමු පාර්ශ්වය යැයි කියනු ලබන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, 2007 අංක 07 දරන සමාගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාර ව නිසි පරිදි සංස්ථාපිත කරනු ලැබ ඇති, හෝරණ, ඕවනපලාන, පන්සල් හේන, ස්වර්ණ පෙදෙස, 199/2 දරන ස්ථානයෙහි සිය ලියාපදිංවී කාර්යාලය පවත්වාගෙන යනු ලබන ආලෝ හෝල්ඩිංස් ලිමිටඩ් (ALO HOLDINGS LIMITED) (ලියාපදිංවී අංක පීබී 00247113 හිමි) පළමු පාර්ශ්වයට ද,
එකී ශ්‍රී ලංකා ජනරජයේ
(මින් මතු අවස්ථාවෝචිතව ඔහුගේ/ ඇයගේ උරුමක්කාර, පොළොම්කාර, අධිමන්ත්‍රාසිකාරකාදීන් ද ඇතුළත්ව "ගැනුම්කරු" ලෙස හදුන්වනු ලබන
(ජාතික හැඳුනුම්පත් අංක ) යන අය අනෙකත් පාර්ශ්වයටද බැඳී ඇති කර ගනු ලබන ගිවිසුමයි.
එකී දෙපාර්ශ්වය විසින් වර්ෂ දෙදහස්
වූ
මස
දින (20)
ඕවනපලාතේ දී ඇති කරගත් වර්මිකාස්ට් නිෂ්පාදනය කරන කොන්ක්‍රීට් ටැංකි අලෙවි කිරීමේ ගිවිසුමයි.
විකුණුම්කරු විසින් වර්මිකාස්ට් (Vermicast) නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කොන්ක්‍රීට් ටැංකි විකුණුම්කරුට අයත් ඉඩම් තුළ හා විකුණුම්කරු බදු ගත් ඉඩම්වල ඉදිකරන අතර එම ටැංකි තුළ අනාගත මිනිස් වර්ගයා සුවපත් කළ හැකි ඔවුන්ගේ අත්‍යාවශ්‍ය ආහාර ස්වාභාවික ලෙස නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය කරන පොහොර එනම් වර්මිකාස්ට් (ගාඩ්විලි පණු පොහොර) නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සමස්ත ක්‍රියාවලිය සිදුකරනු ලබන අතර එම වර්මිකාස්ට් නිෂ්පාදනය සහ අලෙවිය විකුණුම්කරු විසින් සිදු කරගෙන යනු ලැබේ.
ඒ අනුව පාන්දුර මහාධිකරණ කලාපයේ ප්‍රසිද්ධ නොතාරිස් කළ්බොවිලගේ තිලංකා ගුණතිලක මහත්මිය විසින් ලියා සහතික කළ අංක 231 සහ වර්ෂ දෙදහස් විසි පහක් වූ නොවැම්බර් මස දහඅටවන දින (2025.11.18) දරන විකුණුම්කරය මත විකුණුම්කාර පළමු පාර්ශ්වය වෙත සන්තකය ලැබ, නිරවුල්ව භුක්ති විඳගෙන එනු ලබන මිල්ලනිය ප්‍රාදේශීය සභා සීමාවේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 639/ඒ, දෙළ්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ දෙළ්ගොඩ නැමති ගමෙහි පිහිටි පුහුගෙරළියගෙ කනත්ත නොහොත් තළගහවත්ත ඉඩමට බළයලත් මාතක පීටර් පී. ඩයස් විසින් මැන සකස් කරන ලද අංක 920 සහ වර්ෂ එළ්දහස් නවසිය පනස් පහක් වූ නොවැම්බර් මස දහනව වන දින (1955.11.19) දරන පිළුර ප්‍රකාර කඳැලි අංක 01, 02 සහ 03 දරන බිම් කොටස් නැවත මැන, ඒකාබද්ධ කොට බෙදා වෙන් කරමින් බළයලත් මාතක එම්. පී. රංජිත් ආනන්ද විසින් මැන සකස් කරන ලද අංක 7146 සහ වර්ෂ දෙදහස් විසි තුනක් වූ ජනවාරි මස විසිඅට වන දින (2023.01.28) දරන පිළුර ප්‍රකාර කඳැලි අංක 02 සහ 03 දරන බිම් කොටස් නැවත මැන, ඒකාබද්ධ කර බෙදා වෙන් කරමින් බළයලත් මාතක දුමිඳ ඒ. ගුණවර්ධන මහතා විසින් ලියා සහතික කරන ලද අංක 977 සහ වර්ෂ දෙදහස් විසි පහක් වූ සැප්තැම්බර් මස විසිවන දින (2025.09.20) දරන පිළුර ප්‍රකාර කඳැලි අංක බී දරන අක්කර බිංදුවයි රූඩ් එකයි පර්චස් එකොළහක් (අ:0, රූ:1, ප:11) විශාල බිම් කොටස තුළ ඉදිකර ඇති අංක ඒ….. දරන ගෘහස්ථ පරිශ්‍රය තුළ පිහිටි ගාඩ්විලි පණු පොහොර නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන අඩි පහළොවක් (15) දිගින්, අඩි තුනක් (03) පළලින් සහ ඝන අඩි එකසිය තිස් පහක (135) පරිමාවකින් යුත් අංක ඒ5/00….., ලෙස අංකනය කරන ලද කොන්ක්‍රීට් ටැංකි…. පහත පොරොන්දු ගිවිසිලි වලට යටත් ව විකුණුම්කාර පළමු පාර්ශ්වය විසින් ගැනුම්කාර දෙවන පාර්ශ්වය වෙත අලෙවි කිරීමට එකඟ ව ඇත.
ඒ අනුව දෙපාර්ශ්වය විසින් එකඟ වනු ලබන කොන්දේසි සහ නියාමයන් කවරේද යත්
1. මෙම ගිවිසුමින් ආවරණය වන කාලසීමාව මෙහි උපලේඛනයේ අයිතම 2(i) සහ 2(ii) (එය මින් අනතුරුව "ගිවිසුම් කාලසීමාව" ලෙස සඳහන් වේ.) හි සඳහන් කර ඇති පරිදි වන අතර උපලේඛනයේ 6 න් දක්වා ඇති මුළු මුදල් ගෙවා අවසන් වන විට එනම් වසර අවසානයේදී මෙම ගිවිසුම අවසාන වන බව දෙපාර්ශ්වයම වැඩිදුරත් අවබෝධයෙන් යුතුව පිළිගනී.
2. විකුණුම්කරු විසින් මෙම ගිවිසුමින් ගැනුම්කරුට වෙන් කළ (වර්මිකාස්ට් ටැංකියකින්) මාසික අපේක්‍ෂිත වර්මිකාස්ට් අස්වැන්නේ අයිතම 3(i) හි දක්වා ඇති අතර එක් ටැංකියක එම ප්‍රතිලාභ මත ගැනුම්කරු නමින් වෙන් කළ වර්මිකාස්ට් ටැංකි සංඛ්‍යාව උපලේඛනයේ අයිතම 3(ii) හිද එම ටැංකි සංඛ්‍යාවෙන් ලැබෙනු ඇතැයි අපේක්‍ෂිත මුළු වර්මිකාස්ට් අස්වැන්නේ අයිතම 3(iii) හිද දක්වා ඇත.
3. වර්මිකාස්ට් නිෂ්පාදනය කරන ටැංකියක්/ටැංකි මිලදී ගැනීමට ගැනුම්කරු විසින් එකඟවන අතර මෙම ගිවිසුම යටතේ ඒ වෙනුවෙන් ගෙවීමට නියමිත මුළු මුදල් උපලේඛනයේ අයිතම 4 දක්වා ඇති අතර එම මුළු මුදල් එකවර ගෙවීමට ගැනුම්කරු මෙයින් එකඟ වේ.
4. එසේම ගැනුම්කරු විසින් සිදුකරනු ලබන මුදල් ගෙවීමක් විකුණුම්කරු වෙත ලැබුණු බවට විකුණුම්කරු විසින් ගැනුම්කරුවනාගට හට දැනුම් දිය යුතු අතර එය ලදු පතක් නිකුත් කිරීම මගින් සහ/ හෝ / විද්‍යුත් තැපෑල මාර්ගයෙන් සිදු කළ හැකි අතර මෙම කවර ආකාරයකින් හෝ සිදු කරන ලද දැනුම් දීමක් විකුණුම්කරු විසින් ගැනුම්කරු කරනු ලබන ගෙවීමක් භාරගත් බවට සිදු කරනු ලබන නිල දැනුම් දීමක් ලෙස සැලකිය යුතු නිසා.
5. මෙම ගිවිසුම ප්‍රකාරව ගැනුම්කරු විසින් ගෙවන ලද මුදල් ගිවිසුම වළංගු උපලේඛනයේ සටහන් 2(i),2(ii) කාලසීමාව තුළ විකුණුම්කරු වෙතින් නැවත ඉල්ලා සිටීමට ගැනුම්කරුට කිසිදු හිමිකමක් නැති බව ගැනුම්කරු අවබෝධයෙන් යුතුව පිළිගනී. මෙයට හේතුව විකුණුම්කරු විසින් එම මුදල් වලින් ඉඩම් මිලදී ගෙන, විශාල අංගනයක් ඉදි කර ඒ තුළ කොන්ක්‍රීට් ටැංකි නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ ගැනුම්කරු වසර ක් යන තුරු මෙම මුදල් නොඉල්ලීමට එකඟ වූ නිසාය.
6. මෙම ගිවිසුම යටතෙහි උපලේඛන අංක 4 හි සටහන් මුදල් ගැනුම්කරු විසින් ගෙවා නිම කරනු ලබන දින සිට වසර (——) කාලසීමාවක් සඳහා වෙන් කළ වර්මිකාස්ට් ටැංකි අවස්ථානුකූලව ගොම සමඟ අවශ්‍ය අමුද්‍රව්‍ය කළවම් කර යෙදීම, ඉන් පසු පණුවන් දැමීම, රැකබලා ගැනීම, එහි අස්වැන්නේ ලබාගෙන අලෙවිකිරීමට විකුණුම්කරු විසින් කටයුතු කළ යුතුය.
7. මෙම ගිවිසුම ප්‍රකාරව ගැනුම්කරු වෙනුවෙන් වෙන් කළ වර්මිකාස්ට් ටැංකි වල නියමිත ප්‍රමාණය උපලේඛනයේ අංක 3 (i) හි සඳහන් බර ප්‍රමාණයද ලබා ගැනීමට හැකිවන ලෙස නිෂ්පාදන කටයුතු සිදු කිරීම විකුණුම්කරු සතු වගකීමකි.
8. මෙම වර්මිකාස්ට් අස්වැන්නේ ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් පවත්වාගෙන යනු ලබන ටැංකි සහ අයිසීනිය ෆෙටිඩා නම් පණු විශේෂයට අනපේක්‍ෂිත කරුණක් හේතුවෙන් ඇතිවනු ඇති හානි හෝ පාඩු පූර්ණය කිරීම සඳහා උපලේඛනයේ 7 හි සඳහන් වර්මිකාස්ට් නිෂ්පාදනය කරන ටැංකි 5 ට අමතර එක ටැංකියක් ඉඩම තුළ හෝ ඉන් නෙළෙර විකුණුම්කරුට අයත් හෝ විකුණුම්කරු බදු ගත් ඉඩමක පවත්වාගෙන යාම සහ එය නඩත්තු කිරීමට විකුණුම්කරු එකඟ වේ.
9. මෙම උපලේඛනයේ 7 වෙන වගන්තියේ සඳහන් කරන ලද අතිරේක වර්මිකාස්ට් ටැංකි වල හිමිකම විකුණුම්කරු සතුවන අතර ඉහත එය වගන්තියේ සඳහන් හානි සත්‍ය වශයෙන්ම සිදුව ඇති අවදානම හැර අන් කිසිදු අවදානමකින් විකුණුම්කරු වෙතින් එම වර්මිකාස්ට් ටැංකිවල අස්වැන්නේ ඉල්ලා සිටීමට ගැනුම්කරුට හිමිකමක් නැති බවට දෙපාර්ශ්වයම වැඩිදුරට එකඟ වෙති.
10. තව ද, ගිවිසුම්ගත කාල සීමාව තුළ ගිවිසුම්ගත කොන්ක්‍රීට් ටැංකි සහ/ හෝ එකී ටැංකි සම්බන්ධයෙන් විකුණුම්කාර පාර්ශ්වය සතු ව පවත්නා අයිතිවාසිකම් සහ/ හෝ හිමිකම් සහ/ හෝ බැදීම් කිසිවක් ගැනුම්කාර දෙවන පාර්ශ්වය විසින් වෙනත් තෙවන පාර්ශ්වයක් වෙත පැවිරීම, මාරු කිරීම, උකස් කිරීම, බදු දීම, කුලියට දීම, උප කොන්ත්‍රාත් ලබා දීම, භාරයක් ලෙස ප්‍රකාශ කිරීම සහ/ හෝ එකී කොන්ක්‍රීට් ටැංකි සම්බන්ධයෙන් වෙනත් තෙවන පාර්ශ්වයක් සමඟ අනෙකාකාරයකින් කටයුතු කිරීමක් සහ/ හෝ වෙනත් කිසිදු ආකාරයකින් නෙළෙර කිරීමක්, නිෂ්පාදන කටයුතු සිදු කිරීමක්, නීති විරෝධී කටයුත්තකට යොදා ගැනීමක්, වෙනත් තුන් වන පාර්ශ්වයකගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමක් සිදු නොකිරීමට එකඟ වේ.
11. ගිවිසුම්ගත කාල සීමාව තුළ තවදුරටත් විකුණුම්කාර පළමු පාර්ශ්වය විසින් ගැනුම්කාර දෙවන පාර්ශ්වය වෙනුවෙන් ගිවිසුම්ගත කොන්ක්‍රීට් ටැංකිය තුළ ගාඩ්විලි පණුවන් බෝ කර ගැනීම, වර්මිකාස්ට් නිෂ්පාදනය කිරීමේ කටයුතු සිදු කිරීම සහ/ හෝ එකී කොන්ක්‍රීට් ටැංකිය නඩත්තු කිරීම සහ/ හෝ එකී කොන්ක්‍රීට් ටැංකිය හිම් වෙනස්කමක් සහ/ හෝ අළුත් වැඩිය කටයුත්තක් සිදු කිරීම සහ/ හෝ නිෂ්පාදිත වර්මිකාස්ට් එකී මාසිකව කොන්ක්‍රීට් ටැංකිය නෙළෙර කර ගැනීම කරනු ලබන අතර ඒ සම්බන්ධයෙන් කිසිදු කොන්දේසියකින් සහ/ හෝ බාධාවකින් තොර ව සිය කිය පූර්ණ එකඟතාවය පළ කිරීමට ගැනුම්කාර දෙවන පාර්ශ්වය එකඟ වේ.
12. මෙහි උපලේඛනයේ අංක 5 හි සඳහන් වසර ක ආදායම යැයි සැළකෙන මුදල් විකුණුම්කරු විසින් සෑම මාසයකම වර්මිකාස්ට් ටැංකිය කින් පොහොර ලබාගෙන අලෙවිකර උපලේඛන අයිතම 5 (ii) හි සඳහන් මුදල් උපලේඛන 2(i) හි සඳහන් දින සිට සෑම දින 30 ක් වරක් ගැනුම්කාර දෙවන පාර්ශ්වයේ නමින්
බැංකුවේ ශාඛාවේ පවත්වාගෙන යනු ලබන අංක දරන ගිණුමේ තැන්පත් කොට එකී තැන්පතුවට අදාළ රිසිට්පත් සිය සන්තකයේ තබා ගැනීමට විකුණුම්කාර පළමු පාර්ශ්වය එකඟ වේ.
13. වර්මිකාස්ට් අස්වැන්නේ සාර්ථකව ලබාගත නොහැකි තත්ත්වයක් හෝ බාධාවකින් තොරව නිෂ්පාදනය පවත්වාගෙන යමින් රැකබලා ගැනීමට නොහැකි තත්ත්වයක් ගැනුම්කරුවන්ගේ වර්මිකාස්ට් ටැංකි වලට උද්ගත වූවහොත් උපලේඛන 7 සඳහන් ගැනුම්කරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන අතිරේක වර්මිකාස්ට් ටැංකි තුළින් එම ගැනුම්කරුට හිමි මාසික උපලේඛන 5 (ii) හි සඳහන් කර ඇති මුදල් දීමට විකුණුම්කරුට හිමිකම් ඇත.
14. මෙලෙස වෙන්කළ වර්මිකාස්ට් ටැංකි පරීක්‍ෂා කිරීමේ අරමුණින් ගැනුම්කරුට හෝ ඔහු / ඇය විසින් බලය පවරන ලද නියෝජිතයෙකු විකුණුම්කරු වෙත සිදු කරනු ලබන දෙදිනක (02) පූර්ව දැනුම් දීමකින් අනතුරුව එම වර්මිකාස්ට් ටැංකිය තිබෙන භූමියට ඇතුළුවීමට හිමිකම් තිබිය යුතුය. එවැනි අවස්ථාවකදී විකුණුම්කරුගේ නීත්‍යානුකූල නියෝජිතයෙකුගේ සහයෝගය යටතේ අදාළ පරීක්‍ෂා කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසිීමට විකුණුම්කරු ක්‍රියා කරනු ඇත.
15. මෙම ගිවිසුමේ විශේෂයෙන් සඳහන් කර ඇතැනම් පමණක් හැර අන් සියලු අවස්ථාවලදී ගැනුම්කරු විසින් විකුණුම්කරු වෙත කරනු ලබන සියලු දැනුම් දීම් එහි ලියාපදිංචි කාර්යාලයේ පිහිටි නො. 199 /02, ස්වර්ණ පෙදෙස, පන්සල් හේන, ඕවනපලාන, හෝරණ දරන ලිපිනයට ලියාපදිංවී තැපෑල් මගිනාද විකුණුම්කරු විසින් ගැනුම්කරු වෙත කරනු ලබන සියලු දැනුම් දීම් උපලේඛනයේ අංක 1 (i) (c) (d) යටතේ සඳහන් ලිපිනයන් වෙත තැපෑල් මාර්ගයෙන් හෝ විද්‍යුත් තැපෑල් මගින් හෝ කෙටි පණිවිඩයක් (sms) මගින් හෙළිය සිදු කළ හැකි. තවද විකුණුම්කරුගේ ලිපිනයන් වෙනස් ව ඇතැනම් විකුණුම්කරු විසින් ඒ බව විකුණුම්කරුගේ නිල වෙබ් අඩවියෙහි (www.alo.lk) ප්‍රසිද්ධියට පත් කරනු ලබන අතර එය ගැනුම්කරු / ගැනුම්කරුවන් වෙත නව ලිපිනය දැනුම් දීම සඳහා භාවිතා කරන ලද වළංගු දැනුම් දීමක් ලෙස සැලකිය යුතු අතර, ගැනුම්කරුගේ ලිපිනය වෙනස් ව ඇත්නම් ඒ බව විකුණුම්කරු වෙත ලිඛිතව දැනුම් දිය යුතුය.
16. තවද දෙපාර්ශ්වය විසින් ඇති කරගනු ලබන මෙම ගිවිසුම හෝ එහි අන්තර්ගතය හෝ ඊට අනුශාංගික කුමන හෝ කරුණක් සම්බන්ධයෙන් ගිවිසුමේ කාලසීමාව තුළ හෝ ගිවිසුම අවසාන වීමෙන් පසු හෝ හිම් ආරවුලක් පැනනැගුණහොත්, අගතියට පත් වූ පාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ නීතික ප්‍රතිපාදන මත පදනම්ව බේරුම්කරණය සඳහා යොමු කළ යුතු අතර සියලුම බේරුම් කරන ක්‍රියාමාර්ගයන් කොළඹ දී පැවැත්විය යුතු බවට ද වැඩිදුරට එකඟ වේ.
17. ගිවිසුම්ගත කාල සීමාව අවසාන වීමට ප්‍රථම ගැනුම්කාර දෙවන පාර්ශ්වය මරණයට පත් වූවහොත් හෝ සිහි විකළ තත්ත්වයට පත් වූවහොත් ගිවිසුම්ගත කාල සීමාව තුළ විකුණුම්කාර පළමු පාර්ශ්වය වෙත ගාඩ්විලි පණු පොහොර අලෙවිකොට මුදල් ලබා ගැනීම සඳහා ප්‍රතිලාභියෙකු ලෙස
ස්ථානයෙහි පදිංචි
(ජාතික හැඳුනුම්පත් අංක )
යන අය වෙත හිමිකම් ඇති බවටද, හිම් හෝ යකින් ගැනුම්කාර දෙවන පාර්ශ්වය මියයන හෝ සිහි විකළ තත්ත්වයට පත්වන අවස්ථාව වනවිට එකී ප්‍රතිලාභිය ද මිහෙගොස් හෝ සිහිවිකළ තත්ත්වයට පත්ව සිටිනහොත් තතළකාලයේ බල පවත්නා නීතිය ප්‍රකාරව ගැනුම්කාර දෙවන පාර්ශ්වයේ නීත්‍යානුකූල උරුමකරුවන් හට ඒ සඳහා හිමිකම් ඇමීමට හැකි බවටද දෙපාර්ශ්වය ම එකඟ වේ.
18. මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ නීතියට අනුව බලපැවැත්විය යුතු බවට දෙපාර්ශ්වය එකඟ වේ.
උපලේඛනය
1) ගැනුම්කරුගේ
2) ගිවිසුම් කාලය
3) වර්මිකාස්ට් විස්තර
(i) මසකට ටැංකියකින් ලබා ගැනීමට බලාපොරොත්තු වන වර්මිකාස්ට් අස්වැන්නේ බර
580kg
4) ගෙවීමට එකඟ වන මුදල
5) ආදායම් විස්තර
6) ටැංකි නැවත ගැනීම
7) සෑම වර්මිකාස්ට් ටැංකි 5 කට ඒකල් අමතර ටැංකියක් බැගින් පවත්වාගෙන යාම.